නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක්

ඊසාන දිග නවසීලන්තය ප්‍රබල භූ චලනයක බලපෑමට ලක්ව තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිට්‍යුඩ් 7.3ක් ලෙස යි. භූ චලනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ක්‍රියා කළා.

මෙම භූ චලනය සාපේක්ෂව දිගු වේලාවක් පැවැති බවත් එය ඉතා ප්‍රබලන දැනුණු බවත් නවසීලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර එරට වේලාවෙන් 05 වැනි දා අළුයම 2.27ට මෙය සිදු වූ බවත් එහි අපිකේන්ද්‍රය නවසීලන්තයේ උතුරු දූපතට ඔබ්බෙන් පිහිටි සාගරයේ පිහිටා ඇති බවත් නවසීලන්ත හදිසි ආපදා කළමනාකරණ ඒජන්සිය පවසනවා.

2011 වසරේ දී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි සිදුවුණු මැග්නිට්‍යුඩ් 6.3ක භූ චලනයකින් පුද්ගලයින් 185 දෙනෙකුට දිවි අහිමි වුණු අතර එහි 10 වැනි සංවත්සරය සමරනු ලැබුවේ මීට සති දෙකකට පෙර දී යි.

Mesalaa M.S.
Mesalaa is a journalist at a mainstream news website in Sri Lanka. And she holds a Diploma in Journalism from the School of Media Arts & Management. Mesalaa is working with Widusara as a part-time writer.

More Articles

error: Content is protected !!