ලබන සතියේ සිට කොවිඩ් එන්නත් ලබා දීමේ වෙනසක්

මෙරට වැඩිහිටි ප්‍රජාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම ලබන සතියේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ යුනිසෙෆ් සංවිධානය විසින් COVAX පහසුකම හරහා ලැබෙන එන්නත් මාත්‍රා 264,000ක් ලබන ඉරිදා (07) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර එම මාත්‍රා මෙලෙස වැඩිහිටි ජනගහනය සඳහා ලබා දීමට කටයුතු යොදන බව යි.

COVAX පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සම්පූර්ණ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය මිලියන 1.44ක් වනවා. එම එන්නත් ප්‍රමාණය මෙරට ජනගහනයෙන් 20%ක් සඳහා ලබා දීමේ හැකියාව පවතිනවා.

ඉරිදා ලැබීමට නියමිත එන්නත් මාත්‍රා 264,000 යොදා ගැනීමට සැළසුම් කොට ඇත්තේ කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් වඩාත්ම අවදාමට පත් ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩවල පුද්ගලයින් සඳහා යි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

error: Content is protected !!