මෙරට ප්‍රථම කොවිඩ් භූමිදානය සිදුකෙරේ (VIDEO)

කොවිඩ් 19 ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමිදානය කිරීම සඳහා තවත් ප්‍රදේශ දෙකක් නම් කොට තිබෙනවා. ඒ මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාර ඉරක්කාමම් යන ප්‍රදේශ යි.

මේ අනුව කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතික කාන්තාවකගේ මෘතදේහයක් අද දින ඔට්ටමාවඩි ප්‍රදේශයේ පිහිටි මජ්මා නගරයේ දී භූමිදානය කොට ඇති බව වාර්තා වෙනවා. කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය අයෙකු මෙරට තුළ දී භූමිදානය කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර එම මරණ ආදාහනය කිරීම සිදු කෙරුණා.

මජ්මා නගරයේ භූමිදානය කළ මෘතදේහය ඉස්ලාම් ජාතික කාන්තාවකගේවන අතර ඇය මියගොස් තිබුණේ මීට දින 20කට පමණ පෙර යි. දේහය භූමිදානය කිරීමට පෙර ඉස්ලාම් ආගමික වතාවත්වලට ද අවස්ථාව ලබා දී තිබූ අතර අද (05) පස්වරු 4.00ට පමණ සිදු වූ භූමිදාන කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන් මෙන්ම පොලීසිය ද එක්ව සිටියා.

error: Content is protected !!