විදුලි බලාගාරයක් තුළට කොවිඩ් පැතිරෙයි

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අඹගමුව සෞඛ්‍යය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග පවසනවා. ආසාදිත සේවකයින් ගණන 10ක් බව යි පැවසෙන්නේ. ඔවුන් මේවන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

මීට ප්‍රථම ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වූ අතර බලාගාරයේ සෙසු සේවකයින් ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට භාජනය කොට තිබුණේ ඉන් අනතුරුව යි. එහි දී තවත් සේවකයින් 7 දෙනෙකු ද ආසාදිතයින් බවට හඳුණා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වූ බව පැවසෙනවා.

මෙම තත්ත්වයත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 140ක් පමණ බලාගාර සංකීර්ණයේම පිහිටි නිල නිවාස කිහිපයක් තුළ නිරෝධායනයට ලක් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර නිලධාරියෙකු ප්‍රකාශ කළා.

error: Content is protected !!