මියගිය තල්මසෙක් ගල්කිස්සට

තල්මසෙකුගේ මළ සිරුරක් ගල්කිස්ස, වෙඩිකන්ද වෙරළ තීරයට ගොඩගසා ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මෙම සිරුර වෙරළ වෙත ලඟා වන්නට ඇති බවට යි සැක කෙරෙන්නේ.

මෙම තල්මස් සිරුර දැඩි ලෙස නරක් වී ඇති බවත්, ඒ හේතුවෙන් එහි හිස සහ වරල් විනාශ වී ඇති බවත් නිරීක්ෂණය වන බව පුවත් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මෙම තල්මසා දින කිහිපයකට පෙර මරණයට පත්වන්නට ඇතැයි අනුමාන කෙරෙන බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම සිරුර අඩි 20ක් පමණ දිගින් යුතු බව ද සඳහන්.

error: Content is protected !!