කොවිඩ් එන්නත විදගත් මෙරට 3ක් මරුට

ඇස්ට්‍රසෙනෙකා (Astrazeneca) කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සිරුර තුළ රුධිර කැටිති ඇති වීම හේතුවෙන්. ඔවුන් තිදෙනාට අමතරව තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ ද සිරුර තුළ රුධිර කැටිති හටගෙන ඇති බවට හඳුණාගෙන තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වූයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසූ පැනයකට, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ලබා දුන් පිළිතුරු තුළින්. ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ සිරුර තුළ රුධිර කැටිති ඇති වීමේ සිදුවීම් ගණනාවක් ලොව පුරා වාර්තා වී තිබෙන පසුබිමක මෙම කරුණු අනාවරණය වීම කැපී පෙනෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ එන්නත් සහ රුධිර කැටිති ඇතිවීම අතර ඍජු සබඳතාවක් හඳුණාගෙන නොමැති බවයි. කෙසේ වෙතත් එන්නත් ලබාගත් පුද්ගලයින් මිලියනයක් අතුරින් 6-4ත් අතර ගණනකට මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද ඇය ප්‍රකාශ කළා. ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් අනතුරුව සංකූලතා ඇතිවීමේ ඉඩකඩ පැවතීම සාමාන්‍ය සංසිද්ධියක් බවත්, කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව සංකූලතා ඇතිවන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා 0113415985 අංකය හඳුන්වා දී ඇති බවත් ඇය පැවසුවා.

error: Content is protected !!