අද දිනය තුළ හමු වූ රෝගීන් ගණන 1000ට ආසන්න වෙයි

මෙතෙක් (ප.ව. 9.00) අද දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 952ක් බව රජය නිවේදනය කරනවා.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 60 දෙනෙකු වාර්තා වීමත් සමග යි.

මෙම පුවත පළ කරන අවස්ථාවේ දී (ප.ව. 9.00) මෙරට සමස්ත ආසාදිතයින් ගණන 101,379ක් ලෙස සටහන්ව ඇති අතර ඉන් 6,426ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මරණ ගණන සටහන් වන්නේ 642ක් ලෙසින්.

error: Content is protected !!