එන්නත නිසා ඇස්ට්‍රසෙනෙකා සමාගමට නඩු

Source:dw
Featured Image:Jernej Furman

“ඇස්ට්‍රසෙනෙකා” (AstraZeneca) ඖෂධ නිෂ්පාදන සමාගමට එරෙහිව නඩු මගට බැසීමට යුරෝපා සංගමයට අනුබද්ධිත යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපා සංගමයට අයත් රටවල්වලට කොවිඩ් මර්ධන එන්නත නිසි කලට වේලාවට ලබා දීමට අදාළ සමාගම අපොහොසත් වීම මත යි.

කිහිප වරක්ම මෙලෙස එන්නත් මාත්‍රා තොග ප්‍රමාද වූ බවටත් ඒ හරහා යුරෝපා සංගමය සමග අත්සන් කොට ඇති ගිවිසුම ඇස්ට්‍රසෙනෙකා සමාගම විසින් උල්ලංඝනය කොට ඇති බවටත් ලෝකප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගම වෙත චෝදනා නැගී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමග ඉදිරි එන්නත්කරණ වැඩසටහන්වල දී ඇස්ට්‍රසෙනෙකා සමාගම සමග යළි කිසිදු ගනුදෙනුවක් නොකිරීමට සිය කොමිසම තීරණය කිරීමට පවා ඉඩ ඇති බව යුරෝපා කොමිසමෙහි සභාපතිනි උර්සුලා වොන් ඩ’ ලෙයෙන් පවසනවා.

ඒ අනුව ඉදිරි එන්නත්කරණ වැඩසටහන්වල දී “ෆයිසර්” (Pfizer) සහ “මොඩර්නා” (Moderna) සමාගම් විසින් නිෂ්පාදිත එන්නත් කෙරෙහි සිය කොමිසමෙහි අවධානය යොමුව ඇති බවයි ඇය පවසන්නේ.

error: Content is protected !!