පළාත් දෙකක පාසල් වසා දමයි

බස්නාහිර පළාතෙහි සහ වයඹ පළාතෙහි සියළු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ කොවිඩ්-19 වසංගත තත්ත්වය උග්‍රව පැතිර යාම හේතුවෙන්.

ඒ අනුව එම පළාත්වල පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා තැබෙනවා.

කෙසේ වෙතත් දිවයිනේ අනෙකුත් පාසල් වසා දැමීමේ තීරණයක් රජය විසින් මෙතෙක් ගෙන නොමැති අතර එම පළාත්වල පාසල් හෙට දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතයි.

මේ අතර රජය ගත් තීරණයෙන් පසු බස්නාහිර හා වයඹ පළාතේ සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අගරදගුරු පදවිය නිවේදනය කළා.

error: Content is protected !!