රුසියානු සහ චීන එන්නත් ලඟදීම ලක්වැසියන්ට

Featured Image:Marco Verch

රුසියානු කොවිඩ් මර්ධන එන්නත වන “ස්පුට්නික් 5” (Sputnik V) එන්නත් තොගයක් තවත් දින කිහිපයක් තුළ මෙරටට ලඟාවන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එම තොගය ලැබුණු වහාම එය යොදාගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර මෙරට ජනතාවට ලබා දීමට යෝජනා වූ චීන “සිනොෆාම්” (Sinopharm) එන්නත වෙත මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී නැහැ.

කෙසේ වෙතත් හදිසි භාවිතය සඳහා එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි සති කිහිපයේ දී ලැබෙනු ඇති බවත්, එලෙස අනුමැතිය ලද වහාම එම එන්නත ද මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමට සූදානම් කොට ඇති බවත් චන්න ජයසුමන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් දැනටමත් මෙරටට ලැබී ඇති අතර ඉන් කොටසක් මෙරට සිටින චීන ජාතිකයන් හාරදහසකට පමණ ලබා දී තිබෙනවා.

error: Content is protected !!