තවත් දිස්ත්‍රික්කයක පාසල් වැසෙයි

වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සබරගමුව පළාත් සභාව යටතේ පවතින කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අප්‍රේල් 30 දක්වා යි.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මේ බව ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතෙහි සහ වයඹ පළාතෙහි සියළු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් වසා දැමීමට ඊයේ දින රජය තීරණය කළ අතර දිවයිනේ අනෙකුත් පාසල් වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

error: Content is protected !!