සියළු පාසල් දින 3කට වැසෙයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට තීරණය වී තිබෙනවා.

ඒ දින 03කට යි.

ඒ අනුව අප්‍රේල් 30 වනදා දක්වා දිවයිනේ සියළු පාසල් වසා තැබෙනු ඇති.

මේ බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අනාවරණය කරනු ලැබුවා.

මේ අතර දිවයින පුරා පෙර පාසල් හා පිරිවෙන් ද අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයිනේ සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අගරදගුරු පදවිය නිවේදනය කළා.

error: Content is protected !!