ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුළ සීග්‍ර කොවිඩ් පැතිරීමක්

පසුගිය සති දෙකක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28කට අයත් පාසල් සිසු දරු දැරියන් 43 දෙනෙකුට හා ගුරුවරුන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මේ බව තහවුරු කළා.

මෙම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 143 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

නිරෝධායනයට ලක් කොට ඇති එම පිරිස අතර පාසල් සිසු දරු දැරියන් 41 දෙනෙකු සහ ගුරුවරු 102 දෙනෙකු ද සිටින බව සඳහන්.

වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තා වි ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්.

එම සංඛ්‍යාව 16ක්.

මීට අමතරව ගාල්ල මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පාසල් දරු දැරියන් 04 දෙනෙකු හා ගුරුවරු 03 දෙනෙකු ද, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් සිසු දරු දැරියන් 05 දෙනෙකු ද, අම්බලන්ගොඩ හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් පාසල් දරු දැරියන් දෙදෙනෙකු බැගින් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පාසල් දරු දැරියන් 03 දෙනෙකු ද, බෝපේ පොද්දල හා ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් පාසල් දරු දැරියන් දෙදෙනෙකු බැගින් ද වාර්තා වී ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ප්‍රකාශ කළා.

පසුගිය 27 වැනි දින තුළ පමණක් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28කින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පාසල් දරු දැරියන් 29 දෙනෙකු හා  ගුරුවරුන් 03 දෙනෙකු වාර්තා වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

error: Content is protected !!