ඉන්දියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දියාවේ ප්‍රබල භූ චලනයක් හටගෙන තිබෙනවා.

එරට ඇසෑම් ප්‍රාන්තයේ හටගෙන ඇති මෙහි ප්‍රබලත්වය රිච්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ 6.4ක් ලෙසට යි.

එහෙත් එම අගය තවදුරටත් වැඩි විය හැකි බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙලෙස භූ චලනයක් සිදුව ඇත්තේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව දැඩි ලෙස අසරණ වී ඇති මොහොතක යි.

පෙරවරු 8.00ට පමණ පෙර සිදුව ඇති මෙම භූ චලනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

මෙම ප්‍රබල භූ චලනයෙන් අනතුරුව පසුකම්පන ද කිහිපයක් හටගෙන ඇති බව සඳහන්.

error: Content is protected !!