ඉන්දියාව දණගැස්සූ නව වෛරස ප්‍රභේදය තවත් රටවල් 17කට ඇතුළු වෙයි

Featured Image:NIAID

කොවිඩ් 19 වෛරසය විකෘති වී නිර්මාණය වූ ඉන්දීය ප්‍රභේදය තවත් රටවල් රැසකට පැතිර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

“ද්විත්ව-විකෘතියක්” ලෙස හැඳින්වෙන එම ප්‍රභේදය මේවන විට රටවල් 17කින් පමණ හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව ඉන්දීය ප්‍රභේදය B.1.617 ලෙස නම් කොට ඇති අතර එය විශාල වශයෙන් හමුව තිබෙන්නේ මහාරාශ්ට්‍ර සහ දිල්ලි පෙදෙස්වලින්.

මුල් කොවිඩ් වෛරසයට වඩා මෙම ප්‍රභේදය මාරාන්තික බවින් වැඩි වීම මත මේවන විට ඉන්දියාව තුළ නිර්මාණය වී ඇත්තේ දැඩි අවාසනාවන්ත තත්ත්වයක්.

මෙවන් පසුබිමක් මත ඉන්දීය ප්‍රභේදය තවත් රටවල්වලට පැතිර යාම බෙහෙවින් භයානක තත්ත්වයක් බව වෛරස විශේෂඥයින් පවසනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසය විකෘති වී එංගලන්තයේ දී නිර්මාණය වූ නව ප්‍රභේදය සමග නව ඉන්දීය ප්‍රභේදය බෙහෙවින් සමානකම් පෙන්වන බව ඉන්දීය විද්‍යාඥයින් අනාවරණය කරන අතර මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පැතිර යන නව ප්‍රභේදය එම එංගලන්ත ප්‍රභේදයට 100%ක්ම සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් හඳුණාගෙන තිබෙනවා.

error: Content is protected !!