දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසක් වහාම හුදෙකලා කෙරේ

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ වර්ධනය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව තහවුරු කළා.

මෙලෙස හුදෙකලා කිරීමට තීරණය කර ඇත්තේ මොනරාගල, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක්.

ඒ අනුව හුදෙකලා කර ඇති නවතම ප්‍රදේශ මෙසේ යි.

  • වැල්ලවාය නගර සභා සීමාව
  • වැල්ලවාය – වෙහෙරයාය
  • වැල්ලවාය – කොට්ටම්ගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය
  • බුත්තල – රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
  • අම්පාර – උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
  • මාතලේ – අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය
error: Content is protected !!