මෙරට පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ගැන අනාවරණය වෙයි

Featured Image:Michal Jarmoluk

මේවන විට මෙරට පැතිර යන නව කොවිඩ් 19 ප්‍රභේදය එංගලන්තයේ නිර්මාණය වූ කොවිඩ් විකෘති ප්‍රභේදයට 100%ක් සමාන බවට අනාවරණය කරගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පසුගිය සතිය තුළ සිදු කළ පර්යේෂණ මගින් මෙය තහවුරු කරගෙන තිබෙනවා.

මෙය ප්‍රථමයෙන්ම හමු වී ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයෙන්.

B.1.1.7 ලෙස නම් කොට ඇති මෙම ප්‍රභේදය, මුල් කොවිඩ් 19 වෛරසයට වඩා පැතිරීමේ ප්‍රවණතාවයෙන් සහ මාරාන්තික බවින් වැඩි බවට යි අනාවරණය වී ඇත්තේ.

ප්‍රතිශතයක් ලෙස ගත් විට නව ප්‍රභේදයෙහි මරණ සංඛ්‍යාව 55%කින් වැඩි බවට විද්‍යාත්මකව ඔප්පු වී ඇති බව සඳහන්.

සාමාන්‍ය වෛරසයට වඩා මෙම ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් මියයන ගණන වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ මේවන විට දරුණු ලෙස පැතිර යන ප්‍රභේදය ද මෙම එංගලන්ත ප්‍රභේදයට බෙහෙවින් සමාන බව ඉන්දීය විශේෂඥයින් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රභේදය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

error: Content is protected !!