ගැබිණි කාන්තාවන්ට නව කොවිඩ් අවදානමක්

Featured Image:Janko Ferlic

මේවන විට දිවයින පුරා පැතිර යන කොවිඩ් – 19 ප්‍රභේදයෙන් ගැබිණි මව්වරුන් හට දැඩි අයහපත් බලපෑමක් එල්ල විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ නව ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාම හමුවේ මෙම අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර හෝමාගම කොවිඩ් ප්‍රතිකාර රෝහල තුළ ගැබිණි මව්වරුන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් දෙදෙනාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙනවා.

හෝමාගම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ පැවසූවේ ඔවුන් දෙදෙනාගේ තත්ත්වය තරමක් අවදානම් බවයි.

මින් පෙර අවස්ථාවල දී කොවිඩ් 19 ආසාදනය වූ ගැබිණි මව්වරුන් වාර්තා වුවත්, මෙවන් දරුණු සංකූලතාවලට භාජනය නොවූ බව පැවසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව මෙය විශේෂිත තත්ත්වයක් බවයි.

එම නිසා මෙම තත්ත්වය පිළිබඳව ගැබිණි මව්වරුන් විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව ද වෛද්‍ය එරංග නාරංගොඩ ප්‍රකාශ කළා.

error: Content is protected !!