කොවිඩ් වැළඳුණු ගැබිණියන් තිදෙනෙකු දැඩි සත්කාරයේ

Featured Image:Engin Akyurt

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ගැබිණි මවුවරුන් තිදෙනෙකු මේවන විට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබාගන්නා බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය අනාවරණය කරන්නේ නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන ගැබිණි මවක් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

මින් පෙර අවස්ථාවල දී කොවිඩ් 19 ආසාදනය වූ ගැබිණි මව්වරුන් වාර්තා වුවත්, මෙවන් දරුණු සංකූලතාවලට භාජනය නොවූ බවත් ඒ අනුව මෙය විශේෂිත තත්ත්වයක් බව හෝමාගම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ ද පසුගිය දා ප්‍රකාශ කළා.

වෛද්‍ය එරංග නාරංගොඩ අවධාරණය කළේ එම නිසා මෙම තත්ත්වය පිළිබඳව ගැබිණි මව්වරුන් විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව යි.

එමෙන්ම හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන ගැබිණි මවුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුට සිසේරියන් සැත්කමක් සිදු කොට බිළිඳා පිටතට ගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි සඳහන් කළා.

මේ අතර දිවයින පුරා පැතිර යන කොවිඩ් 19 වෛරස වසංගතය හමුවේ ගැබිණි මවුවරුන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය කියවීම සඳහා මෙතන ක්ලික් කරන්න

 

error: Content is protected !!