ඉන්දියාවට ආසන්න රටවල් අනතුරේ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Source:CNN
Featured Image:Wikimedia

ඉන්දියාවේ මේවන විට හටගෙන ඇති දරුණු වසංගත තත්ත්වයත් සමග අසල්වැසි රටවල් ද දැඩි අනතුරුදායක වාතාවරණයකට පැමිණ ඇති බව CNN පුවත් සේවය පවසනවා.

එම සේවය පෙන්වා දෙන්නේ ඉන්දියාව තුළ කොවිඩ් 19 ආසාදිතයින් වැඩිවීමට සාපේක්ෂව ඉන්දියාව ආසන්නයේ ඇති රටවල්වල ද දෛනිකව හමුවන ආසාදිතයින් එකවරම වැඩි වී ඇති බවයි.

ශ්‍රී ලංකාව, නේපාලය, පකිස්තානය සහ බංග්ලාදේශය මේ අතර ප්‍රමුඛ බව ඔවුන් පවසනවා.

මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල පිරී අවසන් වීම තීරණාත්මක බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව මෙන් මුහුදින් වෙන්වී නැති ගොඩබිමින් ඉන්දියාව සමග සම්බන්ධ වී ඇති අනෙක් රටවල්වල තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් CNN සේවය අනාවරණය කරන්නේ නේපාලයත් ඉන්දියාවත් වෙන් කෙරෙන දේශසීමාවේ පිහිටි “නේපාල්ගන්ජ්” නමැති නමැති නගරය වසංගත තත්ත්වයේ දරුණු බලපෑමකට ලක්ව තිබෙන බවයි.

එමෙන්ම පුවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය අනාවරණය කරන්නේ නේපාලයේ පිහිටි එවරස්ට් කන්ද පාමුළ ඇති කඳවුර තුළට ද මේවන විට කොවිඩ් 19 වෛරසය ඇතුළු වී ඇති බවයි.

කෙසේ වෙතත් නේපාල රජය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියාවෙහි පසමිතුරාවන පාකිස්තානයට ද බංග්ලාදේශයට ද කිසිදු ගැලවීමක් නොමැති වී ඇති බව අවධාරණය කරන CNN සේවය සඳහන් කරන්නේ ඉන්දුනීසියාව වැනි මඳක් ඔබ්බෙන් පිහිටි රටවල්වලට පවා ඉන්දියාවෙන් කොවිඩ් 19 වෛරසය පැමිණීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි.

error: Content is protected !!