ඉතිහාසයේ පළමු වරට කොළඹින් ආසාදිතයින් 500ක්

අද (30) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 533 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගියේ පළමු වරටයි.

මෙම පිරිස අතර කොළඹ නගරයෙන් 61ක්, වැල්ලම්පිටියෙන් 27ක්, මුල්ලේරියාවෙන් 31ක්, මොරටුවෙන් 19ක්, බොරැල්ලෙන් 19ක් හා මහරගමින් ආසාදිතයින් 16ක් වාර්තා වනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස ගත් විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා ඇත්තේ පිළියන්දල කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 129 ක්.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද නව ආසාදිතයින් 145 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ (29) දිනයේ හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 823 ක්.

මෙරට වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වූ අතර එම ගණන 1,531 ක්.

එම පිරිසෙන් ආසාදිතයින් 1,491 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් වාර්තා වූ බවත් 40 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බවත් පැවසෙනවා.

error: Content is protected !!