තවත් කොවිඩ් මරණ 06ක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත්ව ඇති බව රජය ඊයේ (29) රාත්‍රියේ නිවේදනය කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ එම මරණ 06ත් සමගින් මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 667 දක්වා ඉහළ ගියා.

ඊයේ දින තහවුරු කළ මරණ 06 අතරින් 05 දෙනෙකුම කාන්තාවන්.

මියගිය පුද්ගලයින් බොරලැස්ගමුව, මහනුවර, වත්තල, වැලිමඩ, කළුතර සහ නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් පිළිබඳ සවිස්තරාත්මක නිවේදනය පහතින්..

error: Content is protected !!