මෙරට පළමුවරට දෛනික ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි

ගෙවුණු දින 03 තිස්සේ අඛණ්ඩව එක් දිනක් තුළ හමුවන කොවිඩ් 19 ආසාදිතයින්ගේ වාර්තා අලුත් වෙමින් මෙරට වැඩිම දෛනික ආසාදිතයින් හමුවීම සිදු වුණා.

ඒ අනුව ඊයේ (29) දිනය නිමා වන විට දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 1,531 ලෙසින්.

පෙර පැවසුවාක් මෙන් එය මෙතෙක් මෙරටින් එක් දිනක් තුළ හමු වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනයි.

එමෙන්ම එය මෙරට දෛනික ආසාදිතයින්ගේ ගණන 1500 සීමාව ඉක්ම වූ පළමු අවස්ථාව ද වනවා.

පෙරේදා (28) දින වාර්තා වූ ආසාදිතයින් ගණන 1466ක් වූවා.

මරණ ගණන ද 667 දක්වා ඉහළ ගියේ තවත් පුද්ගලයින් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතව මිය යාමත් සමග යි.

error: Content is protected !!