ලාංකිකයින් පිරිසක් සෞදියෙන් පිටුවහල් කෙරේ

සෞදි අරාබියාවෙන් පිටුවහල් කිරීමට නියමිත පුද්ගලයින් රඳවා තබා ගන්නා කඳවුරක සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් අද (30) දින මෙරටට එවීමට එරට බලධාරීන් සූදානම්වනවා.

“ටාහීල්” නමැති මෙම කඳවුර සෞදි අරාබියාවේ රියාද් නගරයේ පිහිටා තිබෙනවා.

මෙම කඳවුරෙහි සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම මෙලෙස පිටුවහල් කිරීමට සූදානම්වන බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම මෙරටට එවීමෙන් අනතුරුව තවත් ලාංකිකයින් කණ්ඩායම් දෙකක් මැයි මාසයේ මුල් සතිය තුළ එවීමට එරට බලාපොරොත්තු වනවා.

රියාද්හි පිහිටි සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ කඳවුරේ සිටි ලාංකික රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, සෞදි බලධාරීන් සහ රියාද් හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය අතර පවත්නා අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් බවයි.

එමෙන්ම 2020 ජූලි මාසයේ සිට මෙවන් පිටුවහල් කිරීමේ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බව එම කාර්යාලය සඳහන් කරනවා.

error: Content is protected !!