පිළියන්දල එකම පවුල්වල සාමාජිකයින් අතර කොවිඩ් බෝවීම ඉහළට

පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඒ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වල යි.

එමෙන්ම පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ PCR පරීක්ෂණ 610ක් අතුරින් ආසාදිතයින් 122ක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් බහුතරය පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළ‍ධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල සඳහන් කර ඇත්තේ.

එකම පවුල්වල සාමාජිකයින් තුළ වෛරසය පැතිරීම වැඩිවී ඇති බව ද ඔහු සඳහන් කළා.

error: Content is protected !!