පිටරට සිට එන අයගේ නිරෝධායනයේ වෙනසක්

Featured Image:Mario Hagen

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දිර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මේබව සඳහන් කළා.

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් ආසාදිතයින් හඳුනාගැනීම පහසු වීමට එය ඉවහල් වනු ඇති බවටයි ඔහු පවසන්නේ.

විදේශයන්ගේ සිට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීම හරහා බලාපොරොත්තු වන්නේ විදෙස් රටවලින් යම් ආසාදිතයෙක් ඇතුළු වුවහොත් එම නිරෝධායන කාල සීමාව තුළ හඳුනාගැනීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති කොවිඩ් මර්දන මාර්ගෝපදේශවලට ජනතාව අනුගත නොවන්නේ නම් දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට ද ඉඩ කඩ පවතින බවද ඔහු සඳහන් කළා.

error: Content is protected !!