ඉන්දීය කොවිඩ් මධ්‍යස්ථානයක ගින්නකින් ආසාදිතයින් පිරිසක් මරුට

ඉන්දියාවේ රෝහලකට අනුබද්ධිත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

ආසාදිතයින් 50ක් පමණ මෙම ගොඩනැගිල්ල තුළ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්නට හසු වී මියගිය කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 18ක්වන අතර මෙම ගණන තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ගුජරාට් ප්‍රාන්තයේ භාරූච් ප්‍රදේශයෙන්.

අද (01) අළුයම 1.00ට පමණ ගින්න හටගෙන ඇති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට මේවන විට අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

පසුගිය කාලය පුරාම ඉන්දියාවේ රෝහල් ආශ්‍රිතව ගිනිගැනීම් වාර්තා වූ අතර එම සිදුවීම්වලින් රෝගීන් ද සැළකිය යුතු ගණනක් මරණයට පත් වූවා.

error: Content is protected !!