ඊයේටත් වඩා අද ආසාදිතයින් ගණන ඉහළ යයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 396 දෙනෙකු අලුතින් සොයා ගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව අද දිනය තුළ පමණක් මේවන විට (පස්වරු 8.30) වන තෙක් මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1699ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙම සංඛ්‍යාව වාර්තා වීමත් සමග මෙය සැළකිය හැක්කේ මෙරට ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස යි.

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මීට පෙර වාර්තා වී තිබුණේ ඊයේ වන අතර අතර එම ගණන 1662ක්.

අද දිනයේ හමුවූ නව ආසාදිතයින් ගණනත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 109845 දක්වා ඉහළ ගියා.

error: Content is protected !!