දහම්පාසල් ඇරඹෙන දිනය ගැන තීරණයක්

මේවන විට වසා දමා ඇති පාසල් යළි ආරම්භවන තෙක් දිවයිනේ සියළු දහම්පාසල් ද වසා දැමීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන පළමු වැනි ඉරිදා දින දහම්පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දිවයිනේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ඉහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පවසන්නේ.

error: Content is protected !!