මෙරට වැඩිම දෛනික ආසාදිතයින්ගේ වාර්තාව යළි අලුත් වෙයි

ඊයේ (30) දිනය තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

දිනය තුළ පමණක් ආසාදිතයින් 1662ක් වාර්තා වූ අතර එය මෙරට ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාවයි.

මේවන විට දින 4ක් තිස්සේ එලෙස වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වීම විශේෂත්වයක්.

මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස පෙරේදා දින (29) 1,531 දෙනෙකු වාර්තා වී තිබුණා.

error: Content is protected !!