ජපානයට ප්‍රබල භූ චලනයක්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මෙය රිච්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ අංශක 6.8ක් ලෙස යි.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ කිලෝමීටර 60ක් පමණ ගැඹුරින් පිහිටි බවටයි මේවන විට අනාවරණය වී ඇත්තේ.

එහෙත් එහි බලපෑම ගොඩබිමට තදින් දැණුනු බව ජපාන මාධ්‍ය වාර්තා කරනවා.

මින් සිදු වූ හානි පිළිබඳ මේවන තෙක් වාර්තා නොවන අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද එරට බලධාරීන් විසින් මේවන තෙක් නිකුත් කොට නැහැ.

error: Content is protected !!