ඉන්දියාවේ සිට පිරිසක් බෝට්ටු මගින් ලංකාවට පළා එයි

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් පිරිසක් හොර රහසේ මෙරටට පළා ආ බවට ලැබුණු තොරතුරක් මත සිදු කළ බුද්ධි අංශ මෙහෙයුමක දී එරටින් පළා ආ කාන්තාවක් සහ ඇගේ දරු දෙදෙනා සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

මොවුන් හමු වී ඇත්තේ පුත්තලම, වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී.

ඉන්දියාවේ තූත්තුකුඩි ප්‍රදේශයේ සිට මොවුන් පැමිණ ඇති අතර අදාළ කාන්තාව 34 වැනි වියෙහි පසුවන බව සඳහන්.

එම කාන්තාව, දරු දෙදෙනා මෙන්ම, ඔවුන්ට රැකවරණය දුන් නිවසේ පුද්ගලයින්, ඔවුන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරෙකු සහ ඉන්දීය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් ඇතුළත් පවුල් 5ක පුද්ගලයින් 26 දෙනෙකු නිරෝදායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

මේ අතර අදාළ කාන්තාව සමග තවත් කාන්තාවක් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඇය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නැහැ.

error: Content is protected !!