බස් ගමන් ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් බව පොලිසිය යළිත් අවධාරණය කරනවා.

ඒ පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ යි.

එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ හොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

රියැදුරන්, කොන්දොස්තරවරුන් පමණක් නොව බස් රථ හිමිකරුවන් ද මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කරනවා.

error: Content is protected !!