වාර්තා අලුත් කරමින් ආසාදිතයින් ගණන තවත් ඉහළට

ඊයේ (01) දිනය තුළ වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන 1,716ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඊයේ පස්වරු 8.30 පමණ වන විට එය වාර්තා වූයේ 1,699ක් ලෙසයි.

කෙසේ වෙතත් දිනය අවසන්වන විට තවත් ආසාදිතයින් පිරිසක් හමු වීමත් සමග යි මෙම ගණන 1,716 තෙක් වැඩි වී ඇත්තේ.

මේ අනුව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය ලෙස මෙය වාර්තාගත වනවා.

error: Content is protected !!