ප්‍රදේශ 7ක් වහාම හුදෙකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළා.

ඒ අනුව,

පිළියන්දල පොලිස් බලප්‍රදේශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යි යුද හමුදාපතිවරයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර තිබෙනවා.

error: Content is protected !!