ශ්‍රී ලංකාවට ඇතුළුවන ගුවන් යානා ගැන විශේෂ තීරණයක්

මෙරටට ඇතුළුවන ගුවන් යානයක සිටිය යුතු උපරිම මගීන් ගණන 75 දෙනෙකුට සීමා කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින්.

ඒ අනුව මෙම තීරණය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ද දැනුම් දී තිබෙනවා.

මෙරට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ අවදානම අතරතුර මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගණන සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අද (03) දින සිට ඉදිරි දින 14 ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙරටට ඇතුළුවන ගුවන් යානාවක සිටිය යුතු පුද්ගලයින් ගණන 75ක් හෝ ඊට අඩු විය යුතු වනවා.

මින් පෙර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හා සංචාරකයින් රැගෙන ආ ගුවන් යානයක් තුළ මගීන් 150 – 200 අතර ගණනක් මෙරටට පැමිණියා.

error: Content is protected !!