ජාතික රෝහලේ මහල් 4ක් කොවිඩ් රෝගීන්ට

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ මහල් හතරක් කොවිඩ් 19 ආසාදිතයින් සඳහා වෙන් කිරීමේ සූදානමක් පවතින බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වන පුවත් වාර්තා සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයනහි පවතින ධාරිතාවය මේ වන විට ඉක්මවා ඇති බැවින් සහ ජාතික රෝහල වෙත පැමිණෙන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට ආසන්නයේ රෝහලක් නොමැති බැවින් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

error: Content is protected !!