දෛනික ආසාදිතයින් 2000 ආසන්නයේ

ඊයේ (03) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 1,923ක් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

එය වාර්තාගත වන්නේ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් ගණන ලෙසයි.

ඒ අනුව අඛණ්ඩව දින කිහිපයක් තිස්සේ මෙරට වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙස වාර්තා අලුත් වෙමින් පවතිනවා.

එමෙන්ම මේවන විට දිනක් තුළ හමුවන ආසාදිතයින් ගණන 2000 සීමාවට ලඟා වෙමින් පැවතීම විශේෂත්වයක්.

මෙවන් පසුබිමක් යටතේ මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් ගණන 113,676 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 14,758ක් මේවන විටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබනවා.

මෙරට ආසාදිතයින්ගේ වැඩිවීම සටහන් වන්නේ මෙසේ යි..

මේ අතර මෙරට තුළ PCR පරීක්ෂණ සිදු වී ඇත්තේ මෙසේ යි.

error: Content is protected !!