ප්‍රදේශ 12කින් කොවිඩ් මරණ 13ක්

Featured Image:Lakruwan Wanniarachchi

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 13ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (03) රාත්‍රියේ තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 709ක් බවට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 07 දෙනෙකු සහ පුරුෂයින් 06 දෙනෙක්.

මොවුන්ගෙන් වයස්ගතම පුද්ගලයා 82 හැවිරිදිවන අතර වයසින් අඩුම පුද්ගලයා 42 හැවිරිදි වනවා.

මියගිය පුද්ගලයින් දිවුලපිටිය, ජාඇල, මාවිල්මඩ, මීගමුව, මාලඹේ, බොරැල්ල, නුවරඑළිය, මෝදර, නිට්ටඹුව, පානදුර, බුලත්සිංහල සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සවිස්තර නිවේදනය පහතින්..

error: Content is protected !!