ඉන්දියාව තීරණාත්මක කඩයිමක

Featured Image:Channi Anand

ඉන්දියාව තුළින් වාර්තා වෙන කොවිඩ් 19 ආසාදිතයින් ගණන මිලියන 20 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත එරට ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවටයි ජාත්‍යන්තර පුවත් විචාරකයින් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේවන විටත් ලොව වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මිලියන 32.4ක්.

කෙසේ වෙතත් ඉන්දියාවෙහි තත්ත්වය දරුණු මෙන්ම ශෝචනීය වී ඇත්තේ එරට ආසාදිතයින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවම මට්ටමකින් ලැබීම යි.

ඉන්දියාවෙහි කොවිඩ් මරණ ගණන 218,000 ඉක්මවා ගොස් තිබෙනවා.

බ්‍රසීලය තුළින් වාර්තා වෙන ආසාදිතයින් ගණන මිලියන 14.7ක්වන අතර එරට මරණ ගණන 408,000 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මෙවන් වාතාවරණයක් තුළ ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 153 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම ගෝලීය කොවිඩ් මරණ ගණන මිලියන 3.2 ඉක්මවනවා.

error: Content is protected !!