පුද්ගලික අංශයේ සේවකයින්ට නිරෝදායනයේදීත් වැටුප්

Source:Hiru

පුද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින් නිරෝදායනය වන්නේ නම් ඔවුනට වැටුප් ගෙවීම සිදුකළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.

එම තීරණය කම්කරු අමාත්‍යවරයා, සේවා යෝජකයින් සහ වෘත්තිය සමිති ඇතුළත් කාර්ය සාධක බලකාය විසින් ගත් එකක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වයේ පැතිර යාම වර්ධනය වීමත් සමග පෞද්ගලික ආයතන තුළ සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා යි.

ඒ සම්බන්ධයෙන් කම්කරු නිලධාරින් සොයාබැලීම් සිදුකරන බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා පෞද්ගලික අංශයේ සේවකයින් 12,000 – 14,000 ත් අතර ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

error: Content is protected !!