මෙක්සිකෝවේ දරුණු දුම්රිය අනතුරක් (VIDEOS)

මෙක්සිකෝවේ අගනුවරවන ‘මෙක්සිකෝ සිටි’ නගරයේ දරුණු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ මේවන විට තුවාළ ලැබූවන් 80ක් පමණ හමු වී ඇති බවයි.

එමෙන්ම මළසිරුරු 13ක් පමණ ද මෙතෙක් සොයාගෙන ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

අදාළ දුම්රිය පාළමක් මතින් ගමන් ගන්නා අවස්ථාවේ දී එම පාළම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගිලන්රථ සහ හදිසි සේවා අංශ මේ මොහොතවන විටත් අනතුර සිදු වූ ස්ථානයට යුහුසුළුව ගමන් කරමින් සිටින බව පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

error: Content is protected !!