Sputnik V එන්නත ලංකාවට ගෙන එයි

Featured Image:Marco Verch

රුසියාවේ නිෂ්පාදිත Sputnik V (ස්පුට්නික් වී) එන්නතෙහි මාත්‍රා 15,000ක තොගයක් අද (04) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම එන්නතෙහි මාත්‍රා විශාල ගණනක් මෙරටට ලැබීමට නියමිතව තිබුණත්, මෙරට බලධාරීන් එන්නත්කරණය නිසි පරිදි සිදු කරනවාදැයි පරීක්ෂා කිරීම සඳහා මුල් අවස්ථාවේ දී මෙලෙස මාත්‍රා 15,000ක ප්‍රමාණයක් සාම්පලයක් ලෙස රුසියාව විසින් එවා ඇති බවයි වාර්තා වන්නේ.

එන්නත් 15,000ක ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් පරිහරණය කරන ආකාරය, ඔවුන්ගේ හැකියාවන් සහ ධාරිතාවයන් අධීක්ෂණය කිරීම සිදු කිරීමෙන් පසුව පමණක් සම්පූර්ණ එන්නත් තොගය මෙරටට ලබා දීමට නියමිත බවයි අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද ප්‍රකාශ කළේ.

ස්පුට්නික් 5 එන්නත -20C° සෙල්සියස් අංශක ඍණ 20 වැනි ඉතා අඩු උෂ්ණත්වයක සෑම විටම ගබඩා කර තැබීම අනිවාර්යය වනවා.

මෙම වාතාවරණය අනුව මෙරට ගුවන් තොටුපළ තුළ මේවා ගබඩා කර තබන ආකාරය, පසුව එන්නත් කොළඹ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා තෙක් ප්‍රවාහනය කරන ආකාරය, එහි ගබඩාවල මෙම එන්නත් සුරක්ෂිතව තබා ගන්නා ආකාරය, ඉන්පසුව එන්නත් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය රෝහල් වෙත රැගෙන යන ආකාරය සහ එහිදී එම රෝහල් වල ගබඩා කර තබන ආකාරය ආදී සියළු දෑ රුසියානු බලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

එහිදී මෙම එන්නත් කුප්පි විවෘත කර පැය 02 ක් තුළ දී මහජනතාව වෙත ලබා දිය යුතු අතර, මෙම සියළු ක්‍රියා නිසි පරිදි මෙරට තුළ ඉටු වේ ද යන්න අධීක්ෂණය කිරීමෙන් පසුව පමණක් රුසියාව ස්පුට්නික් 5 එන්නතෙහි සම්පූර්ණ තොගය මෙරටට ලබා දීමට නියමිතව තිබෙනවා.

රුසියානු එන්නත් මාත්‍රා එක්කෝටි තිස්ලක්ෂයක් මිලදී ගැනීම සදහා රුසියාවේ ගැමලියා ආයතනය වෙත ඇණවුම් කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව යි අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ප්‍රකාශ කළේ.

මෙම එන්නත් තොගය අද දින අලුයම 1.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට, කටාර් ගුවන් සේවයේ QR-1668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූවා.

එන්නත් තොගය නිල වශයෙන් භාර ගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ගුවන් යානයෙන් පිටතට ගැනීමෙන් අනතුරුව මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කීපයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඔවුන්ගේ ගබඩා සංකීර්ණය වෙත ඊයේ අළුයම දීම රැගෙන යාම සිදු වුවා.

image hostimage host image host image host image host image host image host

ඡායාරූප: FB/Channa Jayasumana

error: Content is protected !!