“සංචරණ සීමා පනවන්න” – WHO ලංකාවට කියයි

Source:Aruna

රට තුළ කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකා දැඩි සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

වාර්තා වෙන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බැවින් මෙලෙස කටයුතු කරන ලෙසටයි එම සංවිධානය ඉල්ලා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරියවන වෛද්‍ය ඔලිවියා නීවේරාස් විසින් සිය සංවිධානය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකරනවා.

ඇය අවධාරණය කරන්නේ මෙරටට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය අතළඟම ඇති බවයි.

error: Content is protected !!