කොවිඩ් සිරුරු 100ක් මඩකලපුවේ භූමදාන කරයි

Source:Aruna
Featured Image:M Hossain OPU/ICRC

ඊයේ (05) දිනයවන විට, කොවිඩ් 19 ආසාදිතව මරණයට පත් වූ පුද්ගලයින් 100 දෙනෙකුගේ සිරුරු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී භූමදාන කොට අවසන් බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මේ බව මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින්ගේ සිරුරු තවත් ප්‍රදේශවල  භූමදාන කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි.

එම භූමි පිළිබඳව ශක්‍යතා වාර්තා ලබා ගැනීම සඳහා තාක්ෂණික කමිටුවට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

error: Content is protected !!