වයස 35ක කාන්තාවක් ඇතුළු අලුත් කොවිඩ් මරණ 14ක්

කොවිඩ් 19 ආසාදිතව තවත් මරණ 14ක් සිදුව ඇති බව ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ මෙම නිවේදනය නිකුත් කර තිබූ අතර එම මරණවලින් පසුව මෙරටින් වාර්තා වෙන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 734 දක්වා වැඩි වූවා.

කාන්තාවන් 08 දෙනෙකු සහ පුරුෂයින් 06 දෙනෙකු මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

ඔවුන් හිඟුරක්ගොඩ, පොළොන්නරුව, ගෝනපල, බුලත්කොහුපිටිය, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, වත්තල, කළුතර, පයාගල, පේරාදෙණිය, කුරණ, දුම්මලසූරිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මරණයට පත් වූ මෙම 14 දෙනා අතර වයස අවුරුදු 35ක කාන්තාවක් ද සිටීම කැපී පෙණුනා.

මියගිය පුද්ගලයින් පිළිබඳ සවිස්තරාත්මක නිවේදනය පහතින්…

error: Content is protected !!