‘පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවේවි’ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

පළාත් අතර සංචරණය සීමා පැනවීමට ඇතැම් විට සිදුවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ආසාදිතයින් ගණන තවදුරටත් ඉහළ අගයක් වාර්තා වුවහොත් මෙවන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවටයි ඔහු ඉඟි පළ කරන්නේ.

පළාත් අතර සංචරණ සීමා පැනවීමෙන් පසුව ද තත්ත්වය දරුණු අතට පත්වුවහොත් දිවයිනම ආවරණයවන පරිදි රට වසාදැමීමක් සිදු කිරීමට සිදුවන බවත්, එය අවසාන පියවර ලෙස සිදු කරන බවත් ඔහු පැවසුවා.

මේ සියළු දේ තීරණය වන්නේ වාර්තාවන රෝගීන් ප්‍රමාණය මත බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.

error: Content is protected !!