දිස්ත්‍රික්ක දෙකක ගම් කිහිපයක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ යි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ මොහොතේ සිට හුදෙකලා කරන ප්‍ර‌දේශ මෙසේ යි..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත්
පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත්
ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි
සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය

error: Content is protected !!