මාලි මවක් නිවුන් දරුවන් 09ක් බිහිකරයි

මාලි රාජ්‍යයේ කාන්තාවක් විසින් නිවුන් දරුවන් 09 දෙනෙකු බිහි කර තිබෙනවා.

“හලීමා සිසී” නමැති ඇය 25 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

මෙම නිවුන් දරුවන් 09 දෙනාගෙන් 05 දෙනෙකු ගැහැණු දරුවන්වන අතර 04 දෙනෙකු පිරිමි දරුවන් වනවා.

දරුවන් මෙන්ම මව ද ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙනවා.

1971 වසරේ දී ඔස්ට්‍රේලියානු කාන්තාවක් ද 1999 වසරේ දී මැලේසියානු කාන්තාවක් ද මීට පෙර නිවුන් දරුවන් 09 බැගින් බිහිකර තිබුණත්, එම අවස්ථා දෙකෙහි දී ම බිහිවූ දරුවන් දින කිහිපයකට වඩා ජීවත් වූයේ නැහැ.

මෙවන් පසුබිමක වැඩිම නිවුන් දරුවන් සංඛ්‍යාවක් නිරුපද්‍රිතව බිහි කිරීමේ වාර්තාව මෙතෙක් කල් ඉසිලූවේ ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවක්.

ඇය 2009 වසරේ දී නිවුන් දරුවන් 08 දෙනෙකු බිහි කළා.

ඒ අනුව පසුගිය දා මාලි රාජ්‍යයේ දී නිවුන් දරුවන් 09 දෙනෙකු බිහිකළ කාන්තාව වාර්තා පොත් අතරට පත් වන්නේ ලොව වැඩිම නිවුන් දරුවන් ප්‍රමාණයක් බිහි කළ මව ලෙසට යි.

error: Content is protected !!