පවුලේ සියළු දෙනා නෙගටිව් වෙද්දී මාස 3ක බිළිඳා පොසිටිව් වෙයි

මාස තුනක බිළිදෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසනවා.

කරුවලගස්වැව, 9 කනුව ප්‍රදේශයේ නිවසක සිටි බිළිඳෙකු මෙලෙස ආසාදනය වී ඇති බව සඳහන්.

මෙම ආසාදිත බිළිඳාගේ පමණක් නොව ඔහුගේ මවගේ, පියාගේ සහ වැඩිමහල් සොයුරන් දෙදෙනාගේ ද ජෛව පටල ලබාගෙන PCR පරීක්ෂණයක් සිදු කර ඇත්තේ පසුගිය 28 දිනයි.

පුත්තලම මුලික රෝහලෙන් සිදු කර ඇති මෙම PCR පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව පැමිණ ඇත්තේ ඊයේ (06) දින දී වන අතර එම වාර්තා අනුව මෙම පිරිසෙන් කෝරෝනා ආසාධිත වි ඇත්තේ මෙම බිළිදා පමණක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මෙම පවුල පසුගිය අවුරුදු සමයේ තවත් අසල් වැසි පිරිසක් සමග කොළඹ ඥාති නිවසකට ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පවුල් දෙකට අයත් 10 දෙනෙකු නිරෝධායකයට ලක්කර ඇති බව සඳහන්.

ආසාදිත බිළිදා කෝවිඩ් විශේෂ ප්‍රතිකාර ඒකකයක් වෙත යැවීමට කටයුතු කරන බව යි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

error: Content is protected !!